Friday, March 14, 2014

ප්‍රථම ප්‍රේමවන්ති

කවි ලියන්න කියා දුන්නු
මගේ ප්‍රථම ප්‍රේමවන්ති
විවාහ වෙලා යනවලු තව ටික
දොහකින්
කවි ලියන්න මට තහනම්
වේවිලු
ඈ කියනවා..
ඒත් නොලිය ඉන්න එපා
හැමදාමත් මන් වෙනුවෙන්
කවි ලියන්න

ඇගේ ඇස් දෙක මට කියනවා.....  

23 comments:

  1. හ්ම්ම් හ්ම්ම්... අපි දැක්කා අපි දැක්කා. කවදාවත් උඹට ඒ කවි නිමිත්ත අමතක කරන්න බැරි වේවි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්

      Delete
  2. හයියෝ.... ඒකද පහුගිය ටිකේ බ්ලොග පාලුවට ගියේ. ගිය හකුරට නාඩන්නේ - තියෙන බ්ලොගිය රැක ගන්නේ කියල දිගටම ලියහං ෂැගියෝ!

    තව තව නැවුම් කවි නිමිති දහස් ගනනින් ෂැගියාට ලැබේවා!!!! සාදු කියන්න ළමායි.

    ReplyDelete
    Replies
    1. සාදු සාදු!!! මෙහෙම ප්‍රථම, දෙවැනි, තෙවැනි කියල ඉන්න පුළුවන් ද අනේ???.....)))))

      Delete
    2. එකතමා දිගටම ලියන්නම්කො ආයෙත්... ගිය ටිකේ ගොඩක්ම එන්න බැරි වුනේ xam නිසා.. පළමු දෙවැනි තෙවෙනි නෙමේ 100 200 එහෙමත් ඉන්නේ

      Delete
  3. අලුත් කවි පංතියක් ආරම්භ කරන්න තමා තියෙන්නේ. වෙනත් කෙනෙක් එක්ක.

    ReplyDelete
    Replies
    1. දනටමේ නිදහස හොඳයි...

      Delete
  4. අලුත් වෙන ලෝකෙට ඕනේ වෙන්නේ ඔය සම්ප්‍රදායික පෙම්වතියන් නෙවෙයි. අලුතෙන් හිතන්න පුලුවන් සම්ප්‍රදාය වෙනස් කරන කාන්තා චරිත

    ReplyDelete
    Replies
    1. එක තමා බලමු බලමු

      Delete
    2. අර තමන්ට පිරිමි අවයවයක් තියෙනව කියල හිතාගෙන පිරිමින් කරන දේ කරමින් හිතෙනුත් පිරිමින් වෙන්න දඟලන නූතන මනෝව්‍යාධිජනක කාන්තාවන් ගැන වෙන්න ඇති ඔය කියන්නේ නේද වනිතා ?

      Delete
    3. වනිතා, අහක යන්නැතුව බඩී බෝතලේකට දුර ඉඳන් චූ කරල පෙන්නන්නකෝ පිරිමි විදියට හිතලා.

      Delete
  5. අනේ පව් අප්පා ෂැගියා බූට් එකක් කාලා

    ReplyDelete
  6. එහෙම බෑ. වෙන කෙනෙක්ට කවි ලියන්න දැන් පටන් ගන්න කාලේ හරි ඒ කියන්නේ ;) 

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ආයෙත් ලියන්න කියලා කියන්නේ බලමු බලමු.. ඒත් කාට කියල ලියන්නද?

      Delete
  7. හ්ම්ම්ම් ආයෙත් ලියන්න කියලා කියන්නේ බලමු බලමු.. ඒත් කාට කියල ලියන්නද?

    ReplyDelete
  8. දැන් ඉතින් මොනවා කරන්නද ඔන්න් ඔහේ කවි අතාර්ලා සින්දු කියන්න ගමු මචං

    ReplyDelete
    Replies
    1. දෙකට තුනට නැමිලා අඬන සිංදුනම් බෑ ඔන් ..

      Delete
  9. ඇන් ඉතින් ඒ ඇස් වලට කවි ලියන එක නතර කරලා අලුත් ඇස් ‍දෙකක් ‍හොයා ගමු ෂැගී..ලස්සන අදහස........

    ReplyDelete
    Replies
    1. "ඔබේ ඇස් අමතක වෙන්නනම් මගේ ඇස් පිය වෙන්න වෙයි" කියලා එයා නම් කිවුවේ.. හ්ම්ම්ම් ඔව් ඔව් හොඳ ඇස් දෙකක් හොයා ගන්නම්කො.. (Y)

      Delete
  10. මේ කවි , ඔයාම තනියේමද ලියන්නේ , එහම නැත්නම් උපුටා ගැනිම් ද ??

    මොනව වුනත් , හිතේට දැනේන විධියට ලියල තියේනවා.

    ReplyDelete
    Replies
    1. උපුටා ගැනීමක් නම් ලෝබ නැතිව මන් ඒක සඳහන් කරනවා මේක මන්ම හිතට දැනුනු විදිහට ලියපු එකක්.. අත්දැකීමක් කියමුකෝ...

      Delete
    2. හරි හරි , එලර්මම තමයි !! :D

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...