Monday, January 13, 2014

අපි මරාගමු....

උබල මුස්ලිම් උබලා හලාල්..
උබලා සිංහල උබලා එන්නේ අපිව නැති කරන්න..
උබලා දෙමළ...
උබලා කතෝලික..



තොපි රෝඩියෝ.. අපි ගොවිගම
මේවා නිතරම එහෙන් මෙහෙන් නෙමේ හැමතැනින්ම ඇහුන දේවල්..
ඇයි මේ උබලා වෙන් වෙන් වෙලා බෙදිලා මරා ගන්නේ කුරානේ කියුවද දෙවියන් වහන්සේ මැවුවේ මුස්ලිම් මිනිහා විතරයි කියලා. බුදු හාමුදුරුවෝ කියුවද ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් ආවේ බෞද්ධයෝ විතරයි කියලා.. ජෙසුස්වහන්සේ කියුවද දෙවියන් මැවුවේ ක්‍රිස්තියානින් විතරයි කියලා.
තොපි ආගම් විදිහට බෙදිලා ඒවා ඇතුලේ නිකායවල් විදිහටත් බෙදිලා මරාගනියවූ එතකොට සේරම හරි යයි..කුරානයේ තියනවලු මනුස්සයෙක්ට උදවු නොකරයි නම් ඔහු මුස්ලිම් වරයකු නොවන බව මනුස්සයෙක් කියුවේ මුස්ලිම් විතරක් නෙම්.. තම එකම දරුවට මවක් මෙත් පතුරන්නා සේ ලෝක සත්වයාට මෙත් මතුරන්න බුදුන්වහන්සේ කරණීය මෙත්ත සුත්‍රයේදී දේශනා කරනවා. බයිබලයේ කියනවා අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා මේ කියුවේ අසල් වැසියා කතෝලික නම් විතරක් ප්‍රේම කරන්න කියලා නෙමේ..
තොපි මේ සේරම ඇත ඇරලා එක එක අන්තවාදීන් කියපු ගමන් සේරම එකතු වෙලා මරා  ගත්තම උබලට නිවන් හම්බෙයිද?? අනිත් වුන් ස්වර්ගෙට යයිද???
ඔය මහලොකු අර සේනා මේ සේනා සේරම කෑගැහුවේ ධර්මයට නම් ඒවාට මහා ලොකුවට පිළිතුරු දුන් උලමාවරුන් කෑගහුවෙත් ආගම වෙනුවෙන් නම් ඔය ආගම් දෙකෙන්ම එපා කියපු සුදුවයි සුරාවයි ගෙන්න යනකොට ඇයි උබල නිශ්ශබ්ද???
ඒවා අමතක වෙන්න හයිවේ එකේ තිරික්කලෙන් ගිහින් ආවම ඇතිද???අනිත් වුනටත් ඇති..
හොඳට හිතාලා බලපල්ලා අවංකව ආගමට දහමට ලැදි නම් කෝ දැන් ඒ හඬවල්...
මේක විශේෂයෙන් බෞද්ධ අයට ජාතියක් පිරිහෙන්නේ සප්ත අපරිහානි ධර්ම පිලිනොපද්දොත් ඒ නිසා ඒවා පිලි පැද්දොත් ජාතිය රැකෙයි..නැතුව තැන තැන තියන පල්ලි කෝවිල් කඩල ඔය වැඩේ කරන්න බෑ.. මතක තියාගනිල්ලා උබල එහෙම කරද්දීම ඒ අපහාසේ එන්නේ බුදු හාමුදුරුවන්ට කියලා..එක සුත්‍ර දේශනාවක් බුදුන් වහන්සේ දේශනා කරනවා අනුගාමිකයන් නිසි පරිදි නොහික්මුනොත් ජනතාව ශාස්තෘන් වහන්සේට දොස් නගන බව..හැමදේම නිත්‍යයි , ඉවසුවා ඇති කියලා හිතන මොහොතේම ඔබ ශාසනයට විරුද්ධව හිතන බව මතක තිය ගන්න.
මම කවදාවත් කියන්නේ නෑ හැම ආගමක්ම එකයි කියලා මේවා එකී නෙකට වෙනස් කාරණා කියපු ධර්මයන් ඒත් මනුසත් බව හැම ආගමේම අගය කළා.ඉතින් උබලා එකට ඉන්න කම් මනුසත් කම රැකෙයි නැති නම් විනාසයක්ම තමා....   
අවබෝධයෙන් සමඟින් හිටියේ නැත්තම් උබලා සේරටම මේ රට නැතුව යයි..

16 comments:

  1. කියන්න දෙයක් නෑ! ඇත්ත! එච්චරයි!

    ReplyDelete
  2. අන්තිමේ වෙන්නේ හැමෝටම හැමෝවම නැතුව යන එක විතරයි..

    ( කමෙන්ට් මොඩරේශන් අයින් කරමු මචෝ..)

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත මචාහං..
      කමෙන්ට් මොඩරේශන් අයින් කළා පොඩි පොඩි update වගයක් කොරන්න ගිහින් කෙලවෙලා එකයි දන් ඔන් හරි...

      Delete
  3. කොහොමත් ඒ දේ වෙලා ඉවරයි. දැන් මේ රට රජ කරන්නේ පට්ට අන්තවාදීන්..

    ReplyDelete
    Replies
    1. අනිත් ගොන් හැත්තට ඒක නොතේරෙන එකනේ කරුමේ..

      Delete
  4. ඇයි අවුල්ද.. අපි හලාල් තමා.. හැක්..

    සහතික ඇත්ත කතාව ඒත් දුක තමා කව්රුවත් ඕවා අහන්නැති එක බං.. උඹල වගේ උන් ඉන්න එක රටකට වටිනවා
    මල මගුල වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරහං

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් මොඩරේශන් අයින් කළා පොඩි පොඩි update වගයක් කොරන්න ගිහින් කෙලවෙලා එකයි දන් ඔන් හරි...

      Delete
  5. Replies
    1. කරුමේ මුන්ට මේක නොතේරෙන එකනේ..

      Delete
  6. පරිප්පු කනකොට කන්න වෙන්නේ ආගම් භේදයකින් තොරව කියලා එකෙකුටවත් තේරෙන්නේ නැද්ද මන්දා.

    ReplyDelete
    Replies
    1. එකට ඉදන් කාලා මරාගන්න එවුන් ඔය පොඩි දේ හිතයිද??

      Delete
  7. මෙහෙමයි වැඩේ කියන්නේ ෂැගි අපේ මිනිස්සු ඔය ටික තේරුම් ගන්නේ නැති එකනේ හරි නායකත්වයක් නැති එකත් හේතුවක්

    ReplyDelete
    Replies
    1. නායකයෝ නෙමේනේ දැන් ඉන්නේ පාලකයනෝ කෝරළේ මහත්තයෝ ඉතින් පාලකයෝ කැමති යටතේ ඉන්න හැමෝම බෙදිලා කුලල් කා ගන්නවට එතකොට ඒ පාලකයා හැමදාම වැජබෙනවා ;)

      Delete
  8. Ane Gono kurane koheda muslim nowana ewunta karunawa dakwanna kiyala tiyenne nodanna huttawal kata nokara indapan gon thadiya

    ReplyDelete
    Replies
    1. ඇනොට කේන්ති ගිහින් වගේ කුරානේ තියනවා මනුෂයකුට උදව් නොකරන්නා මනුෂ්‍යකු නොවන බව මන් එකයි ප්‍රශ්න කරන්නේ ඒක එහෙම නම් ආගමක් නාමයෙන් මිනි මැරීම වැරදි නේද කියලා.

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...