Sunday, July 22, 2012

Journey to the Mysterious Island නොහොත් මනියාගේ වාසභවනට යාම...


Journey to the Mysterious Island නොහොත් මනියාගේ වාසභවනට යාම...



 මේ කතාවට මූලික පදනම සිනෑකොළරයේ ජීවත් වන බව කියූ ටින් ටින් කොල්ලාගේ ගෙදර බලා ගමන් කිරිමයි.. කතාව අවසානයේ ඔබම තීරනය කරන්න ඔහු කොහේ සිටින්නේද කියා....

මනියාගේ නිවස බලා යාමට මම ඒ කියන්නෙ ඔබේ ආදරණීය ෂැගියා සහ ගරිසන් තමා පිටත් වුනේ කඩවතින් ගරිසන්ගේ දඩුමොණරයට මා ගොඩවැදුනේ දන්නා සියලු දෙවියන්නට කන්නලව් කිරීමෙන් පසුවයි මොකද ගරිසන්ව එතරම් විශ්වාස නිසා ඔන්න පටාන් ගත්ත ගමන පටන් ගද්දිම සයිලන්සරය බිම ඔය විදිහට විවිද කොටස් මඟ දෙපස හලමින් ගියේ දඩුමොණරයේ අඩු පාඩුවක් නිස නොව නැවත පාර සොයා ගැනීමට බව ගරිසන් මට පස්සෙ කියුවා.. මට එතකොට තමා මුගේ මොලේ තරම වැහුනේ මන්ද අපි එක එක්කේනාගේ මොලය ඇත්තේ එක එක තැන් වලය දැන් ඔය නාඩියාට ඇඟ පුරාම මොලය ඇත එම නිසා නාඩි දැමීමේ හැකියාවක් පවතී..මගෙ නම් එය හිස් ගෙඩිය තුල පවතී..මනියා නම් ඉඳ ගන්නා විට මොළය තැලෙන බව පවසයි..ගරිසන්ගේ මොලය තිබී ඇත්තෙ පෙකනියේය ඉපදී සතියෙන් පෙකනිය හැලෙයි එදා පටන් මිනිහාට මොලෙ නැත...
අපිට මනියා උපදෙස් දුන්නෙ බැලුම් මහරින් හැරී එන ලෙසය බැලුම් මහර කීවාට එහි ඇති බැලුමක් නැත ඇත්තේ අන්නාසි පමණි..කෙසේ හෝ අපි දැන් සියනෑකොළරයේ සිට සෑහෙන දුරක් පැමින ඇත දැන් අප දෙදෙනා පිවිස ඇත්තේ ජන ශුන්‍ය පෙදෙසකටය උස් වූ කදු පංති වෙල් යායවල් හේන් පසු වෙමින් පවතී අපි සියනෑ කොළරයේ නොවන බවට දැන් නම් අපිට පසක් වී හමාරය යාන්තම් මිනිසකු වැනි යමක් දුටුවෙන් එ වෙත ලන් වූ අපි දෙදෙනා අංකල් අර මනියලෑ ගේ කොහෙදැයි ඇසුවෙමු..."මනියා කවුද ඒ මේ පුතාලා මට බැලුම්මහරට යන්න පාර කියනවද?" හත් ඉලව්වට ගහපු කලාබරේ කියපි අංකලුත් අතරමන් වෙච්ච් පොරක් ගරිසන් බැලුම්මහරට යන පාර කියුවේ මෙසේයි "අංකල් පෙනවද අර වීල් කෑලි වොශර් කෑලි සයිලන්සර් කෑලි එහෙම අංකල් එවා දිගෙ යන්න "
අපිට ස්තූති කල අංකල් යන්නට විය විටින් විට තනි අලියාගේ කුන්චනාදයත් වන වලසුන්ගේ ගොරනාඩුවත් අපි දෙදෙනාව සලිත කරවන සුලු විය..තවත් කොලුවකු අපිට හමුවිය ඔහු කීවේ ඔය ලියදි හතර පහු කරලා කාගෙන් හො අසන්නට කියායි..ලියදි හතරට හූවක දුරක් ඇති බව පැවසීය..පැයක් පමන් ගත්වින හූ හත අටක් ආවෙමු..හමුවූ කිසිවක් නැත..මා ගරිසන්ගෙන් බැරිම තැන ඇසුවේ මෙහෙ උන් හූ කියන්නේ කටින්ද කියාය ස්කුබි විස්කොතුවක් තියා වතුර පොදක් නැතිව ගමනේ යෙදුන අපි යාන්තම් පැය 5ක් පමන ගතකර මනියා සොය ගතිමු...මනියා සමඟ දොඩමලු වූ අපිට මොනවා නැතත් හොඳ සංග්‍රහයක් නම් ලැබුනි...පැය දෙකක් පමන එහි සිට දැන් පාර දන්නා නිසා හවස් වී යන්නට සිතුනද මනියා කීවේ රෑ වන්විට තනි අලියා පාරට එන බවය අපි ඔය බය නොහදුනමු අලි මන්තර මා දනී නමුත් මෙහෙ අලින් මා මන්ත්‍ර දන්නා බව නොදනී එම නිස අපි එහෙන් හැකි ඉක්මනින්ම පිටත් වුනෙමු......
 

ජනාදර හිතාදර ෂැගියා

7 comments:

  1. ගරිසන්ට මොලේ නැති බව හා මනියාගේ මොලේ නිතරම තැලෙන බව දැන් ඔවුන් සිටිනා තත්ත්වය නිසා ඔප්පු වේ!මොකෝ උන දෙන්නා දවසෙන් වැඩිම කාලයක් ගත කරන්නේ මෝ බයිලාව කනේ ගසාගෙන බැවිනි!

    සැගියාගේ මොලේ ඔලුවේ බව සොයා ගත්තේ බෙන්තර ගඟෙන් මෙහාද ඇත්තේ සිරි ලංකාව බව ඌ 9 කාමරේදී තේරුම් ගත් දා ය!
    සැගියාගේ වාස භවනයට මනියාත් නාඩියාත් ගොස් කාපු ටකරං පිළිබද සවිස්තර නාඩියක් ළඟදීම බලාපොරොත්තු වන්න!

    ReplyDelete
    Replies
    1. ටකරන් කන්න නම් විදිහක් නැත උස මදි බැවින් බස් එකේ එන විට මග සලකුනු නොපෙනුනාට ෂැගියා පලි නැත ......

      Delete
    2. යකෝ..බස් එකක්යැ ඒක පෝර කරත්යක්නේ!!!

      Delete
  2. මේක අමූලික චරිත ඟාතනයක්..... ෂැගියයි ගරියයි... ආවෙ මලගෙදරක... මුන් දෙන්නට කන්න දීල පිරිමහන්න බැරිකමට තමා ඉක්මනට පිටත් කෙරුවෙ... අනික පාරෙ සීන් එකනම් වග කියන්න ඕනි..බෙන්තර ගගෙන් එහා පැත්ත මෙහා පැත්ත තොරගන්න බැරුව පිස්සු නැටුව ෂැගියම තමා...මොකද ඒකට තමා පාර කිව්වෙ...9 කාමරේදි ෂැගියගෙ රෙදි ගැලවුන හැටි මෙතනදි දිග හරින්න ඕනි නැ නේද... ;)

    ReplyDelete
    Replies
    1. 9 කමරයක් තුල සිදුවූ දේවල් නම් දැන් වැඩ්ක් නැත මට බෙන්තර ගඟෙන් මෙහා පැත්තද දැන් නැති වී ඇත්....

      Delete
    2. අපි ආදරයේදී
      බොළඳ නොවූවෙමු
      නමුත් අපට වෙන් වන්නට
      සිදු වූයෙමු
      නමුදු අපි අපිට
      වෛර නොකරමු

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...