Sunday, July 29, 2012

අධ්‍යාපන හත් ඉලව්වට ගසන ලද කාලාබරය.....


අධ්‍යාපන හත් ඉලව්වට ගසන ලද කාලාබරය.....



මෙතෙක් කල් සිරි ලක් වාසීන් මොනවා නැතත් ආයතන 2ක් පිලිබඳ විශ්වාසය තබන ලදි ඒ ආයතන 2ක වූයේ විභාග දෙපාර්තුමේන්තුව හා යුක්තිය පසිඳලන උසාවියයි...දැන් අසිරිමත් සිරි ලක් වාසීන්ට ඇත්තේ උසාවියේ විශ්වාසය පමනි එසේ වූයේ මෑතක දී විභාග සියල්ල අභාග වෙමින් පැවතීමයි..මෙය අද ඊයෙක සිදු වූවක් නොව නිය පොත්තෙන් කෑඩීමට තිබූ දෙය පොරවෙන් කැපීමටත් බැරි තරමට ලොකු වනතුරු සිදු කරන ලද අනුන් පිට වරද පැටවීම නම් අසික්කිත ක්‍රියා වලියේ අනිටු ප්‍රතිඵලයකි...කුම්බලා මාලු කෑවානම් විඳවාපන් කියුවා සේ විඳවීමට දැන් සිදු වී ඇත....හැබැයි මතක තියා ගත යුතු කාරණාව නම් අධ්‍යාපනය වෙනුවෙන් සිරි ලංකාවේ ඇමතිවරු අම්බානක් සිටින බවය..අධ්‍යාපන ඇමති උසස් අධ්‍යාපන ඇමති නියොජ්‍ය ඇමතිලා වැඩක් නැති ජ්‍යෙෂ්ට ඇමතිලා පමනක් නොව පලාත් වලට වෙන වෙනමද අධ්‍යාපන ඇමතිලා සිටින රටක මෙසේ සිදුවීම ආශ්චර්යයක්මය....

ෂැගියා කියුවා සේ මෙය පටාන් ගත්තේ අද ඊයේක නොවේ මුලින්ම වාර විභාග වල ප්‍රශ්න පත්තර හුටපට මතු විය එනම් ලෝක සිතියම් මාරු කිරීමේ සිට කුනුහරුප ඒවීම දක්වා වූ ක්‍රියාවලියකට මුල පිරුනි අධ්‍යාපන ඇමති මේවා පළාත් අධ්‍යාපන ඇමති වරු වෙත පටවද්දී ඔවුන් ඒවා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත පැවරූහ...කෙසේ හෝ පුරස්න කාලයාගේ ඇවෑමෙන් යටපත් වී ගියේය...අ.පො.ස. සා.පෙළ ගැටලු මතු විනි ඒවා විභාග කොමසාරිස්ගේ ඇඟේ ගැසීමට අපේ ඇමතියෝ දක්සයෝ වූහ..මේ විනාසය බලා නොසිටි සරසවි සිසූහු පාරට බැස්සේය ඔවුන්ට සුපුරුදු කදුලු ගෑස් සහ බැටන් පොලු මෙන්ම අමතර අධිපීඩන ජල ප්‍රහාර සන්ග්‍රහයක් දීමට අපේ ලොක්කො පසු බට නොවිනි...

මේවාද අමතකවී අපි අයිෆා එකේ නලු නිලියන් පසු පස ගොස් කෝටි ගනන් අතින් කයිට් කර ගතිමු... අහා ආශ්චර්‍යකි..පලමු වසරට ලමයි දමා ගැනීමට නිසි පිලිවෙලක් සකස් කර දීමට මෙතරම් ඇමති වරුන් සිටියද නොහැකි විය යාන්තම් ශ්‍රෙෂ්ටාධිකරණය එය සකස් කර දුනි..ඇමතියෝ තාමත් කඹ අදිමින් සිටිති....

හොඳම නාඩගම නටන්නට ගත්තේ ඊයේ පෙරේදා සිටය සරසවි ප්‍රවේශය ලබා දෙන අ.පො.ස. උ.පෙළ විභාගයට කෙලවා ඇත...පලමු ප්‍රතිඵලය නිකුත් විනි එහි ගණිත අංශයේ සිසුන්ට කලා ප්‍රතිපල ලැබුනි කලා කරන ලද ඇත්මෙක්ට වෛද්‍ය විද්‍යාලයට යාමේ වරම් ලැබී තිබුනි Z අගය අඩු එකා දිස්ත්‍රික් ප්‍රතමයාය වැඩි එකා අන්තිමයාය අහා අශ්චර්‍යයක්මය....නැවත සකස්කොට ප්‍රතිඵල නිකුත් විය දැන් දිස්ත්‍රික් ප්‍රථමයාව party දැමීමට සූදානම් වූවන්ට සමාජයට මුහුනු දිය නොහැකි විය..ඔවුන් අන්තිමයා වී තිබුනි..Z අගය හදුන්වා දුන් මහාචාර්ය වරයා මෙවර සූත්‍රයේ වරදක් ඇති බව පැවසීය නමුත් සිදු වූයේ සුපුරුදු දේමය රජයේ මාධ්‍ය හරහා ඔහුට නොසෑහෙන්න අවමන් කෙරුනි..මේ පිලිබ්ඳ සරසවි සිසුන් කතා කරන්නට පටන් ගත්තේ එවිටය සරසවි සිසුන් ජෙප්පන් යැයි හන්වඩු ගසමින් මිනීමරු කාමුක මානසික අසහනයකින් පෙලෙන නවක වදය දෙන පිරිසක් බව කුඩා සිදුවීම් කිහිපයක් හුවා දක්වමින් පෙන්වීය....

කෙසේ හෝ අවසානයේ මෙයටත් අධිකරණය මැදිහත් වූයේ අපේ ආඩම්බර කාර පියාගේ කමිටුවත් පුස්සක් වූ තැනය කෙසෙ හො සාධාරන තීන්දුවක් අධිකරණය ලබා දුනි කඹ අදින ඇමතිලා කල වැඩෙන් යුක්තිය මතු වීමට කල් ගොසිනි නව ප්‍රතිඵලය අනුව බොහො දෙනකුගේ සරසවි සිහිනය බොඳ විය..දැන් ඇත්තෙ විභාගයට සතියකි නමුත් ඇමති කියන්නේ fax මගින් විභාග ප්‍රවෙශ පත්‍ර දෙන බවය නමුත් අවුරුදු 2ක් පාඩම් කරලත් ලක්ශ 3ක් පමන අසමත් වන විභාගය සතියෙන් ලියන්නට කිවීමද ආශ්චර්‍යයක්මය...ගොන් ඇමතිලා සිත්න්නෙ එයත් හොර චන්ද දමා චන්දයක් දිනන එකක් මෙන් පහසුයි කියාය...

මේ අතර පුතා ප්‍රමුක පිරිසක් පියා හමු වී සාධරනය කරන්නැයි ඉල්ලීය සමත් සිල්යලු දෙනා ගන්න ඔහු නියොග කලේය නයිටීන් එක මෙය ලොකුවට වාර්තා කොලෙය බොලවු සරසවියට පිරිස වැඩි වනවාට ෂැගියාත් කැමතිය මන්ද A/L සමත් වීම සරසවි ප්‍රවෙශයට හොදටම ප්‍රමානවත් බව සරසවි ප්‍රවෙශ පොතේම දක්වා ඇති නිසාය නමුත් දැන් සිටිනා පිරිසටත් ඉන්නට ඉඩවත් පරීක්ශන පහසුකම්වත් සරසවි වල නැත..ඉතින් තවත් පිරිසක් ගැනීමද ආශ්චර්‍යයකි...

ඇතැම් සරසවි වලට කොලඹ සුපිරි පාසලක තරම් පහසු කම් වත් නැත එසේ තිබියදී පෞද්ගලික සරසවි ඇතිකලොත් කුමක් සිදු වෙද....මේ සියලු දේ ගැන සිතා සරසවි ඇදුරො වර්ජනයකය එයටද තවම පිලිතුරක් නැත.....

දැන් මෙය විසදීම පහසු නොවේ නමුත් කෙසේ හො විසදා ගත යුතුය...මේවා ගැන කියූ ෂැගියාට සුදු වෑන් රථයක රවුමක් යෑමට සිදු වේද නොදනිමි එහෙත් මෙවා නොකියා බැරිය...

ජනාදර හිතාදර ෂැගියා...
 කස්ටිය  blog එකට like දාමු......  

6 comments:

  1. කතාව ඇත්ත ෂැගියො...මේ තනතුරු වලට පත්වෙලා ,ඔලමොට්ටල වැඩ කරන උන්ගෙ ,....(ඉතුරු ටික හිත ගනින්...)

    ReplyDelete
    Replies
    1. හිතාගන්න පුලුවන් සදාචාරේ හින්දා කියන්න බැරි උනාට හරිනම් කියන්න ඔනේ ඔවැයින්ම තමා

      Delete
  2. සුදු වෑන් එකක් ආවොත් මට කියපන්කො.....
    මුන් ඔක්කොගේම *ක මහලා බඩ යන්න බේත් දෙන්න ඕනේ බං!

    ReplyDelete
    Replies
    1. දෙන්නටම එක වෑන් එකෙ යන්නද?

      Delete
  3. 'සිටිනා පිරිසටත් ඉන්නට ඉඩවත් පරීක්ශන පහසුකම්වත් සරසවි වල නැත..ඉතින් තවත් පිරිසක් ගැනීමද ආශ්චර්‍යයකි...' -සහතික ඇත්ත සහෝ..

    වැඩක් නැහැ අප්පා කතා කරලා..

    ReplyDelete
    Replies
    1. අලුතෙන් තව එකක් හදනව කියන්නේ මුන්ගේ හිතේ හදන එක පොදු වැසිකිලියක් හදල අහවල් වැඩේ කරනවා වගේ කියලා..

      හැදුවත් කවුද බොලවු උගන්නනේ?
      පිස්සු අපිට...

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...