ආදරය......
ඉස්සෙල්ලාම ෂැගියට සුබ පතපු දිරිගන්වපු හැමෝටම ස්තූති වේවා!!!.....
ඔන්න ඉතින්
ෂැගියා හා හා පුරා කියලා කියන්න හිතුවේ ආදරය ගැන....
ඇත්තටම ආදරය කියන්නෙ ලෝකේ හුඟක් දාර්ශනික අදහස් පල වුන
අකුරු හතරක වචනයක් තමා..හැබෙයි අද වෙනකම්ම හැමොම මොහොතක් හරි වින්ඳනය කරපු මේ
සුන්දර අත්දැකීම විස්තර කරීම් බොහොමයක්ම අසාර්ථක ප්රයත්න වෙලා තියනවා..


ඉතින් තවදෙයක් තියනව කියන්න ඒ තමා අපිට දැනෙන හැමදේම
කියාගන්න බැරි වීම..
මතක් කරල බලන්න ජිවිතේ අපිට කියාගන්න බැරි වුන ඒත් අපේ
හිතට තදින් දැනුන දෙවල් කොච්චර නම් තියනවද? ෂැගියට නම් අම්බානක තියනවා...නිකමට හිතුවොත් සමහර
කැක්කුම් තියනවනේ දොස්තරට කියාගන්න තෙරෙන්නේ නැති..මේක දැන් මතක් නොකොලොත් ෂැගියාගේ
තත්වෙට හොඳ මදි ඒ තමා සමහර කෑම බීම වල රස කියාගන්නත් අපිට බෑනේ ඔන්න ෂැගියා පොඩි
පුරස්නයක් අහනවා...
සීනි මොන රහද?

එහෙනම් බොල පැණි මොන රසද කියලා? දීපල්ලකො උත්තර....
අපිට කියාගන්න බැරි උනාට අපි ඔය රස දෙකේ වෙනස හොදට
දන්නවා... ආදරයත් ඔන්න ඔය වගේ අපිට කියාගන්න බෑ ඒත් විදින්න පුලුවන් ඉතින් විදින්න
පුලුවන් මේ දිව්‍යමය හැඟීම කවදාවත් විඳවන්න එපා...
ඉපදෙන්න ඉන්න මවු කුසක ඉන්න කළලයේ ඉදන් සොහොන් කොත දක්වා
වූ පරාසය තුල විවිද විදිහේ ආදරයන් අපිට හම්බවෙනවා වගෙම නැති වෙලා යනවා ඒක තමා
ජිවිතේ කියන්නෙ ඔය අතරේ කාට කාටත් තමන්ගෙ ප්‍රථම ආදරය අමතක කරන්න බැරි ඇයි කියලා
ෂැගියාගෙන් ගොඩක් අය ඇහුවා ඒ අයට තමා මේ ටික කියන්න හිතුවේ පලමු ආදරය කියන්නේ
ජිවිතේ අපිට විඳලා ඉවර කරන්න බැරි වුන අත්දැකීමක් ඉතින් මිනිස් සිතට ඒක කුතුහලයක්
මිනිස් සිත් කියන්නෙ කුතුහලය පසුපස යන්න කැමති දෙයක් අන්න ඒ නිසා තමා අපිට ප්‍රථම
පෙම ඔච්චරම මතක් වෙන්නේ......
ඒ වගේම ගාථාවකින් තමා ෂැගියා නවතින්නේ(ෂැගියා බණ කියනවා
නෙමේ ඒත් මේ බණ නොකියත් බෑ)
පෙමතො ජායතී සොකෝ - පෙමතො ජායතී බයං
පෙමතො විප්පමුත්තස්ස -නත්ථි සොකො කුතො බයං
ප්‍රේමය නිසා දුක,බය හට ගනී.ප්‍රේමයෙන් මිදුනු තැනැත්තාට දුකක් හෝ බයක්
නැත...
ජනාදර හිතාදර
ෂැගියා......
අන්න කතාව සැගියෝ!!!!ප්‍රේමයෙන් මිදුන එකාට මොකවත් නැත!සෝයි නේ!එතකොට බං පෙන්සිප්???? :පි
ReplyDeleteපෙන්සිප් ගැන කිවුවොත් නාඩියත් ඉවර වෙන නිසා කතා නොකර ඉමු නෙද????
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්... ;)
Deleteවට් අ පිටි ලව් ඊස්...
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
Delete