පැය ගානක් තිස්සේ මන් ඔයාගේ ෆොටෝ එකක් දිහා බලන් ඔයාව
අදින්න උත්සහ කළා.අනිතිමට යාන්තමට මන් ඔයාගේ සිතුවම ඇඳලා ඉවර කරගත්තා.දැන් මට ඕනි
ඒක ඔයාට පෙන්නන්න , පොඩි කාලේ ඉස්කෝලේ පොඩි වැඩක් ඉවරකරන් ටීචර් ගාවට දුවන් යන
පොඩි එකෙක් වගේ මන් අසාවෙන් බලන් ඉන්නවා හෙට ඔයාව හම්බෙලා ඒක පෙන්නන්න.
හ්ම්ම්ම්..කියන්නේ නැතුව කල් මරපු මගේ ආදරේ..අපේ පංති
පරතරේ... අපේ නොවුණු අපේ ආදරේ..
කොහේදෝ කල්පනාවකට වැටෙන්න හදපු මගේ හිත පියවි ලෝකයට ආවේ SMS
එකක් ආපු සද්දෙට..
“හෙට මට එන්න වෙන්නේ නෑ..අම්මා එපා කියුවා තනියම යන්න..”
හැමදාම වෙනදේ අඩුවක් නැතුව අදත් වුනා..හිත ඇතුලේ නලියපු
බලාපොරොත්තු තවත් දුකක් වෙන්න කලින් පෙනහළු පුරා හොඳ ඔක්සිජන් රැල්ලක් යවලා දවලා
අළුකරලා අවශේෂ මගේ ප්රස්වාසයත් එක්ක වා තලයටම මුසු කළා.
කුලී ගෙදර උළු වහලේ පිනි වලින් ඔයාගේ සිතුවම බොඳ වෙන්න
නොදී මන් රැක ගත්තා.
කාලය යන ඉක්මනක් නේද??????
කුලී ගෙදරින් මන් මගේම ගෙයකට ගියා. දැන් පින්නක් එන්නේ
නෑ ඒ නිසා ඔයාගේ සිතුවම නිදහසේ තියනවා හරි අපුරුවට.
හ්ම්ම්.. ඒ ඔයාමද ඔව් ඔයා තමා සිතුවමට වඩා ටිකක් වෙනස්
වුනත් ඒ ඇස් දෙකෙන් මන් අඳුන ගත්තා.
ඔයාම මාත් එක්ක කතා කළා..”සහන්.. ඉතින් කාලෙකින්” හ්ම්ම්
මම තාමත් නිහඬයි කතා කරගෙන ආපු ඔයත් නිහඬයි. “ඔයා මෙහෙ” ඒ මම..
“ඔව්. දුව එක්කන් යන්න ආවා”
ආයෙත් නිහඬ වුනු මන් දිහා ඔයත් බලාගෙන ඉන්නවා අපි මොනා
කරන්නද.. හිත ඇතුලේ තද වුනු ආදරය වේදනාව.සෙමගුලියක් එක්ක එකතු වෙලා ඇවිත් අපේ නිහඬ
බව බින්දා..මන් කොච්චර වෙලා නම් කැස්ස ද කියලා මන් දන්නෙත් නෑ..
ඊට පස්සේ මොන මොනවදෝ කතා කරපු අපි වෙන් වෙලා ගියා..
ගෙදර ආපු මම ආයෙත් ඔයාගේ සිතුවම අදින්න ගත්තා..
මලා.. දෙපාරක් කියෙව්වා.. යංතං මොලේට වැටුනා...
ReplyDeleteඅපි හැමෝම ගාව ඒ වගේ සිතුවම් තියනවා.. සමහර සිතුවම් සුදුම සුඳුයි.. සමහර ඒවා ටිකක් දුර්වර්න වෙලා.. සමහර වෙලාවට කළුපාටම වෙලා තියනවා..
කොහොමට තිබුනත්.. ඒ සිතුවම් අළුත් වෙනවට අපි කැමතියි.. ආසයි...
ජ ය වේ වා !!!
හ්ම්ම් ඇත්ත ඇත්ත.. මේ සිතුවම් අපේ ජීවිතේම තමා
Deleteඇදල ඉවර කරගන්න බැරි උන ....සිතුවම් අයෙත් අදින්න ගියොත් මොකද වෙන්නේ......? අයිතිකාරයන්ගෙන් කන්න තමයි වෙන්නේ shagiyo......
ReplyDeleteකලින් සිතුවම ඇන්දෙත් තනියමනෙ.. දෙවැනි එකත් ඒ වගේම තමා අදින්නේ
Deleteනිහිංසා - +++++++++++++++
Delete??????????????????
Deleteමා ගාවත් තියේ සිතුවමක්..හැබැයි තාම පාට කරගන්න බැරි වුණා..
ReplyDeleteසමහර සිතුවම් පාට කලාම ලස්සනයි....
Deleteඒත් සමහර ඒවා වර්ණ නොගැලපුනාම කැත වෙනවා..
ඉතින් ඔය තියන විදිහටම තියන එක හොඳ වෙයි...
එහෙමයි කියලා නිකන් ඉන්න එපා ලස්සනට පාට කරගත්තොත් ගොඩ..
අපූරුයි...
ReplyDeleteමේළගදි මමත් එක සිතුවමක් ඔහොම අදින්න ගොහින් අසාර්තක වුණා
මේ තියෙන්නෙ ඒ ගැන කතාව
ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා
අපි වෙලාවකට අදින්න හදන්නෙ වැරදි කෙනාගෙ සිතුවම..
Deleteසමහර වෙලාවට හරි ස්කෙච් එක ළග තියන් වැරදි දේ අදිනව...
සමහර වෙලාවට ඇන්ද දේ හොරු අරන් යනව..
ජීවිෙතේ කියල හිත හදාගන්නෙ කොහෙමද නේද
සිතුවමක් ඇඳලා තියන කෙනෙක්ට තමා ඕක තේරෙන්නේ...
Deleteඉන්න ඔය සිතුවමේ කතාවත් කියවලම එන්නම්
මම නම් ඔය චිත්ර අදින බිස්නස් එක නැවැත්තුවා!
ReplyDeleteඋඹ ඒ කාලේ කලේ පොල්කටු නිර්මාණනේ ;)
Deleteගොඩක් උන් කෙලව ගන්නේ ඔය සිතුවම් අදින්න ගෙහිල්ල තමයි.
ReplyDeleteපින්සල තියල ගේමට එන්ටර් වෙන්නේ නැතුව
වැඩේ කියන්නේ මන් අඳින්නේ පින්සලෙන් නෙමේ පැන්සලෙන්නේ ;)
Deleteසිතුවම් ඇඳ ඇඳ හිටහන්කෝ එහෙනම්.... පොඩි එකා ෂැගී මාමි මන් නරසරි නනෝ කියල අතවනලා යයි....
ReplyDeleteකිවුවත් වගේ වෙන්න බැරි කමකුත් නෑ..ඒවුනත් අම්මගේ සිතුවමක් ඇඳපු ෂැගීයට පොඩි එකෙක් අඳින එක මහා කජ්ජක් නෙමේ.. ;)
Deleteඔය සිතුවම් අදින වැඩේ හරියන්නේ නෑ බං..
ReplyDeleteහරි ගිය එවුනුත් ඉන්නවා බන්...
Deleteහැමෝ ගාවම තියෙන සිතුවම්..
ReplyDeleteකියන්නට බැරිව ඇඳපු සිතුවම්..
Delete