ක්‍රිකට් World cup සහ O/L.............
20යි 20 World cup එකත් එක්කම ක්‍රිකට්
ගැන කතා කිරීම එන්න එන්නම වැඩි වෙලා ඒ විතරක් නෙමේ ඔය අල්ල පනල්ලෙමනේ O/L result
අවේ ඒ නිසා සමහරුනම් ඉන්නේ සතුට දෙගුණ තෙගුණ වෙලා ඒ වගේම සමහරු ඉන්නේ මන් මුලා
වෙලා කතාකරපු සමහරු කිවුවේ ජීවිතෙත් එපා වෙලා කියලා.ඉතින් මට හිතුන ක්‍රිකට් සහ
ඕලෙවල් පොඩ්ඩක් ගලපලා දෙන්න ...
ඕලෙවල් පාස් වුන අය නම් දැන් ගොඩක් සතුටින්නේ ඉන්නේ
ඉතින් මේ කතා කරන්නේ ෆේල් වුන නංගිලා මල්ලිලා වෙනුවෙන් හැමෝම ඕලෙවල් පළවෙනියා
දෙවෙනියා පස්සේ යද්දී වැඩිම පිරිසක් ඉන්න අසමත් වුන අය ගැන කාගේවත් කතා බහක් නෑ.
මෙහෙමයි ඔබ ඕලෙවල් ෆේල් වුන ගොඩේ ඉන්නවනම් වැටෙන්න එපා
පොඩ්ඩක්වත් ඔබත් ලංකාවේ ක්‍රිකට් ටීම් එක වගේ වෙන්න මතකද අපි කී පාරක් ෆයිනල්
ඇවිත් පැරදුනද ඒත් අපි අත්හැරියේ නෑ නේ ඔබත් අන්න ඒ වගේ වෙන්න ආපහු හැරිලා බලන්න
වැරදුන තැන ,
fb එකට පෙම්වතියට පෙම්වතාට නැතිනම් රටේ ලෝකේ තියන ගොඩක් අනවශ්‍ය
වැඩවලට කාලය මිඩංගු කරන්න ඇති මේ මාස ටිකේ ඒවා අමතක කරලා අලුතෙන් මහන්සි වෙලා හොදට
පුනරික්ෂන්යේ යෙදෙන්න.
ඒ වගේම තමයි ඔබ ඕලෙවල් ෆේල් වුන දරුවෙක්ගේ දෙමාපියෙක්නම්
ඔබත් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් වගේ වෙන්න මතකද අපි එකදිගට World cup 4ක් පැරදිලත් අපි අපේ
ටීම් එකට ගැහුවේ නෑ ඊළඟ පාර හරි World cup එක ගෙනෙයි කියලා ආදරේ කළා සුබ පැතුවා..ඔබත් ඔබේ අසමත්
වුනු දරුවව එහෙම දිරිගන්නවන්න ආදරේ කරන්න වෙනදාටත් වඩා එයාව විශ්වාස කරන්න ඊළඟ පාර
එයා සමත් වේවි විශ්වාසයි..
තව ඉල්ලීමක් තියනවා මුළු සමාජෙන්ම කරන්න ඒ තමා ඔබ
ඉන්දියාවේ ප්‍රේක්ෂකයෙක් වගේ වෙන්න නම් එපා.. පැරදුනු ගමන් ගෙවල් වලට ගල් ගහන ගිනි
තියන කෙනෙක් වෙන්න එපා.. ඒ වගේම ඕලෙවල් ෆේල් වුන ළමයින් සමච්චලයට ලක් කරන මඩගහන
හින්ට් පාස් කරන කෙනෙක් වෙන්න එපා..
ඉතින් ක්‍රිකට් වගේම හිතලා ඕලෙවල් ගොඩ දාගන්න.. අනික මතක
තියාගන්න පලවෙනි පාර ඕලෙවල් ෆේල් වුනු මහාචාර්ය වරු පවා ඉන්නවා කියලා. තව දෙයක් ඔබ
වඩාත්ම දක්ෂ දේ හඳුනාගෙන ඒ ඔස්සේ ජිවිතේ දිනන්න මොකද ඕලෙවල් කියන්නේ කියන්නේ
ජිවිතේ නෙමේ ජීවිතේදී හම්බුනු එක කඩඉමක් විතරයි ඒක පැනගන්න බැරි වුනාට ජිවිතේ
නැතිවෙන්නේ නෑ
ඔබ මේ ඕලෙවල් අසමත් වීම පන්නරයක් කරගෙන ජිවිතේ හදාගන්න
එහෙම කලොත් දවසක ඔබ කියාවි මගේ ජිවිතේ වටිනාම දේ තමා මන් ඕලෙවල් ෆේල් වුන එක
කියලා..
නියම කතාවක් ෂැගියො, එක විභාගයක් කියන්නෙ මුළු ජීවිතේම නෙමෙයි.
ReplyDeleteඑක නේන්නම්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලයින් කතාව... සිරාවට ඇත්ත.... :)
ReplyDeleteතැන්කූ වේවා!!!
Deleteමේ උඹ විදුරද ? නැත්නම් වෙන ෂැගියෙක්ද ? විදුරනම්, එතකොට අර බ්ලොග් එක දැන් ලියන්නැද්ද ?
ReplyDeleteඅනේ නැතෝ මන් වෙන ෂැගියෙක්
Deleteවටින අදහසක් ෂැගී... හිතට දැනෙන්න කියල තියනවා!!!
ReplyDeleteතැන්කූ වේවා!!!
Deleteවිභාගේ කියන්නේ ජිවිතේ නෙවෙයි බං! උඹ හරියටම කතාව කියලා තියනවා! අනිත් එක OL වලින් පස්සේ අනිවාර්යෙන්ම AL කරන්න ඕනේ කියලා මොන පොතේද ලියලා තියෙන්නේ! විකාර බං! ළමයි කැමති දේට යොමු කරන්න ඕනේ OL වලින් වත්
ReplyDeleteඒක තමයි බන් මේ ලෝකේ තියන ඉගන ගන්න විදි ගැන අපේ ගොඩක් අය දන්නෙත් නෑ හුඟක් වුන් හිතන්නේ මැනේජ්මන්ට්, IT, ඉංජිනේරු, දොස්තර උපාධි විතරයි තියෙන්නේ කියලා..
Deleteමගේ පළවෙනි ගොඩවීම මේ පැත්තේ.......මරුවට ලියලා තියනවා යාලුවා.....සිරාවටම ලංකාවේ ඉන්න මිනිස්සු හිතං ඉන්නෙ සා/පෙ නැත්තං උ/පෙ වලින් තොර ජීවිතයක් නෑ කියලා
ReplyDeleteඇත්ත මල් මල් අනික දැන් ඔය ගොඩක් ලංකාවේ ළමයින්ට අවු:3 ඉදන් අකුරුම උගන්නනවා පිට රට වුන් ඔය කාලේ ඉදන් අවු : 8 වෙනකම් උන්ගේ කුසලතා ආකල්ප හදනවා අන්තිමට අවු 3 ඉදන් ඉගන ගත්ත අපි කැම්පස් යනකොට අරුන් phd එක ගන්නවා..
Delete