සොබා දම් මාතාව කුරිරු ලෙස හැසිරුනා
අපිට එක ලෙස සැලකු නුඹත් විරසක වුනා
මහ මෙරක් උසට අපි දුක් උනත් ඉවසුවා
එහෙව් අසරණ අපිව පස් වලින් යට කළා
පුංචි වුන් පාසලේ එවී අපි හොයාගෙන
කියන් මිහිකත් ලඳුනි අපි නුඹේ තුරුලේ බව
පුංචි වුන් බඩගින්නේ උදේ පාසල් ගියේ
ලැබේවිද කුසට අහරක් උන්ගේ, රෑට වත් අද දිනේ
කෝවිලේ දෙවියන්ට අපි යදිනකොට බයට
මුලින් යට උනෙත් කෝවිලේ වහලෙයි තදට
කුමක් අපි කරම්දෝ දෙවියො අසරණ කලට
අපි වගේ දුපත්ද දෙවියනේ නුඹත් අද??????
හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයේ ඇති වූ හදිසි ආපදා තත්වය වෙනුවෙන් කළහැකි යමක් වේනම් සියලු දෙනා එක්ව සිදු කරමු!!!
ජායාරූපය හිරු නිව්ස් වෙතින් උපුටා ගන්නා ලදී
Thursday, October 30, 2014
කියන් මිහිකත් ලඳුනි අපි නුඹේ තුරුලේ බව
Wednesday, October 22, 2014
මතකද?????
මතකද තරු කඩා වැටුණු රැය
අපිව හැඳින ටික දිනකින් අපි හමු වුනු රැය
පළමු වරට නුබ මා ළඟ හිඳගත් ඒ රැය
නොකීව බස් නෙතින් නෙතට තෙපලමින් සිටිය රැය
මතකද පන්සිළුගේ වීණා හඬ අසමින් සිටි රැය
දහසක් මැද අපි තනියම තනිවූ මහ රැය
හඳ එලියට වඩා අපේ සිත් එලි වුනු රැය
නොකීව බස් සිතින් සිතට තෙපලමින් සිටිය රැය
මතකද කඩා වැටෙන තරු දෙකකට පැතුම් දුන්නු රැය
අහසේ ඉන්න බැරුව වැටුන තරු දෙකකට අපි රැවටුණු රැය
කඩා වැටුණු තරුව වගේ අමතක වුනු රැය
සැමට හොරෙන් ඔබත් මාත් නිතර යනෙන රැය
අපිව හැඳින ටික දිනකින් අපි හමු වුනු රැය
පළමු වරට නුබ මා ළඟ හිඳගත් ඒ රැය
නොකීව බස් නෙතින් නෙතට තෙපලමින් සිටිය රැය
මතකද පන්සිළුගේ වීණා හඬ අසමින් සිටි රැය
දහසක් මැද අපි තනියම තනිවූ මහ රැය
හඳ එලියට වඩා අපේ සිත් එලි වුනු රැය
නොකීව බස් සිතින් සිතට තෙපලමින් සිටිය රැය
මතකද කඩා වැටෙන තරු දෙකකට පැතුම් දුන්නු රැය
අහසේ ඉන්න බැරුව වැටුන තරු දෙකකට අපි රැවටුණු රැය
කඩා වැටුණු තරුව වගේ අමතක වුනු රැය
සැමට හොරෙන් ඔබත් මාත් නිතර යනෙන රැය
Sunday, October 19, 2014
අන්තවාදී සමානාත්මතාව
අපේ සමාජයේ
තියන මහම මහා පිළිලයක් වගේ දෙයක් කියලා මට හිතෙන දෙයක් ගැන කියාගෙන යන්න ඕනි කියලා
මන් හිතුවා. මේක මන් ගමේ , නගරයේ , පාසලේ ,
පන්තියේ විතරක් නෙමේ
සරසවිය ඇතුලෙත් දැකපු දෙයක් ඒ තමයි අගේ නොකිරීම සහ අන්තවාදී සමානාත්මතාවය, නිසි
තැනද සම තැනද හරි කියලා පස්සේ බලමු. ඒ වගේම සමානාත්මතාවය කියන්නේ හොඳ දෙයක් ඒත්
කොයිදේකත් අන්තවාදය හොඳ නෑ වගේම මේ දේ වුනත් එහෙමමයි කියලා මට හිතෙන්නේ.

මනුස්සයෙක්
නැගිටිනවා දැක්කොත් සමාජයක් කියන්නේ ඔහෝම හම්බ කරලා කාට ගෙනියන්නද, පිදුරුසේවිකල පැල්පතේ
ඇති සාමේ නැහැ මහා මන්දිරේ වගේ කතා ඒත් පිදුරු පැලේ ඉන්න මිනිහා විතරයි දන්නේ
හැමදාම රණ්ඩු ගොඩයි කියලා.
සමානාත්මතාව
මුවාවෙන් මේ කරන්නේ රටේ දියුණුව පුද්ගල දියුණුව අඩාල කරන එක පුළුවන් වුනොත් කියයි
උබලාගේ ආත්මාර්ථකාමී කම කියලා. සරසවි ඇතුලේ ගත්තත් අඩුපාඩු බොහොමයක් තියනවා ඇත්ත
ඒවා ලබාගතයුතු බවත් ඇත්ත ඒවා පාලකයන්ගේ වගකීම් බවත් ඇත්ත ඒත් දෙන දේවල් වලින්වත්
සතපහක ප්‍රොයෝජනයක් නොගෙන තව තව ඉල්ලනවා.
ගොඩනැගෙන්න
නෙමේ අවශ්‍ය යැපෙන්න එතැනදී මේ සමානාතමතාවය සමාජවාදය මාර විදිහට මාර්කට් කරනවා.
සමහරු අවබෝධෙන් කරනවා තව සමහරු එක පොතක දෙකක කරුණු වලට ලගු වෙලා ඒ තුලින් ලෝකය
බලමින් මුළු ලෝකයම පහදන්න හදනවා.
සමාජවාදී
චිනතනයේ හරය ගනුවෙනුවට පුහු මතවලින් හිස් පුරවාගෙන ඉන්නවා. රටේ සංස්කෘතියට ගැලපෙන
පරිදි සමාජවාදී චින්තයක් ගොඩනගාගන්න උත්සහ කරනු වෙනුවට රටේ සංස්කෘතිය සමාජවාදී පදනමකට
ගෙනෙන අසාර්ථක උත්සාහයක නියතු වෙනවා.
මේ ලඟකදී එක්
පුහු සමාජවාදියෙකු (ඔහු කිසිසේත් සැබෑ සමාජවාදියෙක් නොවන නිසා) අනගාරික ධර්මපාල
තුමා ජාතිවාදියකු බව පැවසුවා ඔහුගේ නොදන්නාකමේ තරම නම් සියලු ජාතීන් එක්කර ප්‍රථම
ලංකා දුම්රිය සේවක අරගලය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සිදු කලේ එතුමා බවයි. පසුව මෙරට
ජාතිවාදී ගැටුම් අද මෙන්ම එදත් එවකට පාලකයන් විසින් ඇති කර පසුව එතුමාව නිවාස
අඩස්සියේ තබනවා.
ඉතින් මම
නැවතත් කියමි,
මම
සමාජවාදියෙක් නොවෙමි.........
එනම්
මත්පැන් බී
ධනවත් බහුජාතික සමාගම් පෝසත් කරන සමාජවාදියෙක් නොවෙමි
ඒ තුලින් බාර්
කාරයා පෝසත් කොට ඊළඟ ජන්දෙටත් කලින් පාලකයාගේම පෝස්ටර් වලට සල්ලි යවන සමාජවාදියෙක්
නොවෙමි
බොබ් මාලිගෙන්
ගතහැකි බොහෝ දේ තිබියදී ගංජා සුරුට්ටුව පමණක් ගත් සමාජවාදියෙක් නොවෙමි
මුළු ලොවටම
එකවර ගංජා පොවා ලෝක සාමය ඇතිවේයැයි බලාපොරොත්තුවන සමාජවාදියකු නොවෙමි
ක්‍රමය
බිහිකළේ මිනිස්සු නැතුව ක්‍රමය විසින් මිනිස්සු බිහි කලේ නැත. ක්‍රමය වෙනස් වුවත්
මිනිස්සු එලෙසම වනු ඇත. මිනිස්සු වෙනස් කිරීමට සිත් වෙනස් කල යුතු වනු ඇත. මෙය
කියූ කල ඔවුන් කියන්නේ ඔය ආගමික මතවාදයක් බවය එකී නෙකාගේ ආගම් වෙනස් බවය ඒනිසා මෙය
ප්‍රායෝගිකද නැද්ද සිතීමටත් පෙරම ඔවුන් අත්හැර දමයි. හැබැයි මුළු ලෝකයටම එකවර ගංජා
පොවා ලෝක සාමය ඇතිකිරීම ගැන නම් මිට වඩා සිතන බව පෙනේ.
"සියල්ල වෙනස්
වන ලෝකයක, වරද දෙසට යන
ලෝකයක , ඔබ නිවැරදි
වන්න , දුප්පතාට
මෙන්ම ධනවාදියටත් ආදරය කරන්න.
Subscribe to:
Posts (Atom)