පැය ගානක් තිස්සේ මන් ඔයාගේ ෆොටෝ එකක් දිහා බලන් ඔයාව
අදින්න උත්සහ කළා.අනිතිමට යාන්තමට මන් ඔයාගේ සිතුවම ඇඳලා ඉවර කරගත්තා.දැන් මට ඕනි
ඒක ඔයාට පෙන්නන්න , පොඩි කාලේ ඉස්කෝලේ පොඩි වැඩක් ඉවරකරන් ටීචර් ගාවට දුවන් යන
පොඩි එකෙක් වගේ මන් අසාවෙන් බලන් ඉන්නවා හෙට ඔයාව හම්බෙලා ඒක පෙන්නන්න.
හ්ම්ම්ම්..කියන්නේ නැතුව කල් මරපු මගේ ආදරේ..අපේ පංති
පරතරේ... අපේ නොවුණු අපේ ආදරේ..
කොහේදෝ කල්පනාවකට වැටෙන්න හදපු මගේ හිත පියවි ලෝකයට ආවේ SMS
එකක් ආපු සද්දෙට..
“හෙට මට එන්න වෙන්නේ නෑ..අම්මා එපා කියුවා තනියම යන්න..”
හැමදාම වෙනදේ අඩුවක් නැතුව අදත් වුනා..හිත ඇතුලේ නලියපු
බලාපොරොත්තු තවත් දුකක් වෙන්න කලින් පෙනහළු පුරා හොඳ ඔක්සිජන් රැල්ලක් යවලා දවලා
අළුකරලා අවශේෂ මගේ ප්‍රස්වාසයත් එක්ක වා තලයටම මුසු කළා.
කුලී ගෙදර උළු වහලේ පිනි වලින් ඔයාගේ සිතුවම බොඳ වෙන්න
නොදී මන් රැක ගත්තා.
කාලය යන ඉක්මනක් නේද??????
කුලී ගෙදරින් මන් මගේම ගෙයකට ගියා. දැන් පින්නක් එන්නේ
නෑ ඒ නිසා ඔයාගේ සිතුවම නිදහසේ තියනවා හරි අපුරුවට.
හ්ම්ම්.. ඒ ඔයාමද ඔව් ඔයා තමා සිතුවමට වඩා ටිකක් වෙනස්
වුනත් ඒ ඇස් දෙකෙන් මන් අඳුන ගත්තා.
ඔයාම මාත් එක්ක කතා කළා..”සහන්.. ඉතින් කාලෙකින්” හ්ම්ම්
මම තාමත් නිහඬයි කතා කරගෙන ආපු ඔයත් නිහඬයි. “ඔයා මෙහෙ” ඒ මම..
“ඔව්. දුව එක්කන් යන්න ආවා”
ආයෙත් නිහඬ වුනු මන් දිහා ඔයත් බලාගෙන ඉන්නවා අපි මොනා
කරන්නද.. හිත ඇතුලේ තද වුනු ආදරය වේදනාව.සෙමගුලියක් එක්ක එකතු වෙලා ඇවිත් අපේ නිහඬ
බව බින්දා..මන් කොච්චර වෙලා නම් කැස්ස ද කියලා මන් දන්නෙත් නෑ..
ඊට පස්සේ මොන මොනවදෝ කතා කරපු අපි වෙන් වෙලා ගියා..
ගෙදර ආපු මම ආයෙත් ඔයාගේ සිතුවම අදින්න ගත්තා..